තම අලුත උපන් දරුවා පපුවට තුරුළු කර ගෙන සිටි මවක් සමග මම ආරෝග්‍ය ශාලවේ නව බිළිඳු දැඩි සත්කාර ඒකකයට ගියෙමි. තාක්‍ෂණයෙන් දියුණු වෛද්‍ය පහසුකම් ඇති මෙම ස්ථානයේ වෛද්‍යවරු නිර්දේශ කර ඇත්තේ තාක්‍ෂණයෙන් අඩු කාර්යකි. එනම් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ශක්තිමත් කර වර්ධනය කිරීම සඳහා අලුත් මව වැඩි කාලයක් තම දරුවා තුරුළු කර ගෙන සිටිය යුතු වීමය.
දරුවෙක්ට සුව සහනය සඳහා දෙමාපියෙක්ගේ…
ජනප්‍රිය පාසැල් දෙකක ඊගල්ස් සහ පයනියර්ස් නම්වූ පාපන්දු කණ්ඩායම් දෙක අතර දීර්ඝ කාලයක් පුරා උණුසුම් තරඟ පැවති අතර ඊගල්ස් කණ්ඩායම ගෝලයක් ගැසුවේය. බෝලය දැල තුළට ගිය නමුත් දැලේ තිබු හිඩසකින් බෝලය පිටතට ගියේය. විනිසකරු බෝලය දැල තුළට යනවා නුදුටුවේය. නමුත් බෝලය පිටත තිබෙනවා දුටු ඔහු එය ගෝලයක් නොවන බවට සළකුණු කළේය. පයනියර්ස් පුහුණුකරු ගෝලය දුටු නමුත් ඔහුට නිශ්ශබ්දව සිටින්න පුළුවන්…
පවුලේ අය සමඟ දුර ගමනක් යමින් මම සෙනග අඩු මොන්ටානා සහ දකුණු ඩැකෝටා ප්‍රාන්ත තුළින් පැය ගණනක් රිය පැදවීමි. රථය පදවන විට යම් සැළසුමක් මගේ ඇස ගැටුණි. අක්කර ගණනක් දිගු වූ ගොවි බිමක තිබූ නිවසක් වටකර වන වදුලක් විය. දැඩි සුළඟ නිසා මම රථය මගේ තීරුවේම තබා ගැනීමට මහත් සේ උත්සාහ කරමින් සිටින වෙලේදී ගස් වවා තිබුණේ අලංකාරය සඳහාම පමණක්…
පළමු අප්‍රිකානු-ඇමරිකානු කවියක් මුද්‍රණය කළ කිවිඳියක වූ ෆිලිස් වීට්ලී ජේසුස් වහන්සේ තුළ ඇදහිලිවතුන්ව වහල්කම නැති කිරීමට දිරිමත් කළේ බයිබලීය තේමාවන් යටතේය. 1753 පමණ බටහිර අප්‍රිකාවේ උපත ලැබූ වීට්ලිව වහල් වෙළඳුන්ට විකුණනු ලැබුවේ අවුරුදු හතේදීය. ඉක්මණින්ම ඇය විශිෂ්ඨ ශිෂ්‍යාවක් බවට පත් වූවාය. 1773 දී ඇය නිදහස ලබා ගත්තාය. ඇයගේ කවි සහ අනිකුත් කෘතිවලින් වීට්ලි තම පාඨකයන්ට අවධාරණය කළේ දේව වචනයෙහි ඇති…
ඩොන් ඩියු, ලිබර් ගොට්, ඩ්‍රාහි බෝස්, අගස්ටේ ඊ. ආදරණීය දෙවියන් වහන්ස. මෙම ප්‍රංශ, ජර්මානු, ස්ලෝවැක්, ග්‍රීක් සහ ඉංග්‍රීසි යාච්ඤා මධ්‍යම ඇතෑන්ස් හි සභාවක් තුළින් එක්සිත්ව රැව් පිළිරැව් දුන්නේ අපගේ දේශවල ජනයා දෙවියන් වහන්සේගේ ප්‍රේමය අසන පිණිස අපගේ මව් භාෂාවන්ගෙන් අප යාච්ඤා කරන විටය. එකතු වීමේ අලංකාරය තීව්ර වූයේ අප පෙන්තකොස්ත දිනයේ එක් රැස්වූ බව තේරුම් ගිය විටය.
පරණ ගිවිසුමේ පෙන්තකොස්ත…
නූතන චිත්‍රයක් සමන්විත වී ඇත්තේ සරල මේසයක ඇඳ ඇති සරල කෝප්ප 13 කිනි. වෙනස් ලෑලි මත ඒවා තබා තිබේ. චිත්‍රයේ නම වන්නේ “ඔවුන් සියල්ලෝ එක් අයෙක් වේවා” යන්නයි. එය එල්ලා ඇත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වුල්ෆ්සන් විදුහලේය. එහි සරලභාවය ඇත්තෙන්ම සිද්ධියේ විශේෂත්වය අවධාරණය කරයි. තමන් වහන්සේගේ ගෝලයන් සමග ජේසුස් වහන්සේගේ අවසන් රාත්‍රී භෝජනයයි. වඩාත්ම කැපී පෙනෙන කොටසේ ඇති රොටී සහ කුසලානය…
විශාල හිම කුණාටුවක් නිසා සැතපුම් ගණනක් විදුලි රැහැන් කඩා වැටී අපගේ නගරය සම්පූර්ණයෙන්ම පාහේ අඳුරු වූයේය. ඒ හෙයින් ශීත සෘතුවේදී අපගේ මිතුරන් බොහෝ දෙනෙකුට තම නිවෙස් උණුසුම් කිරීමට විදුලි බලය නැති වුනි. විදුලිය නැවත ලබා දීමට නඩත්තු සේවා වාහන ක්‍රියා කරන අයුරු මෙම පවුල් ආශාවෙන් බලා සිටියහ. පසුව මා දැන ගත්තේ අවශ්‍ය ස්ථානවලට යැවීම සඳහා දේවස්ථානයේ ඉඩමක නඩත්තු සේවා කිරීමේ…
ප්‍රංශයේ ලේ චැම්බොන් ප්‍රදේශයේ ජනතාව නාසි අර්බූදයෙන් යුදෙව් දරුවන් වූ බොහෝ දෙනෙක් ඇතුලු පන්දහසකගේ ජීවිත බේරා ගැනීමට සෑම දෙයක්ම පරදුවට තබා උපකාර කළහ. සරණාගතයින් තම නිවෙස් හැර දමා දුවන විට ඔවුන්ව ප්‍රජා නිවාස වල සහ ගොවිපළවල සඟවනු ලැබූහ. නගර වාසීන්ට ජ්වලිතභාවය ලැබුණේ සභා පලක ඇන්ඩී්‍ර ටොක්මේ ගෙනි. උපකාරය සඳහා ඔවුන්ව දිරිගැන්වීමට ඔහු තම සෙනඟට ද්විතීය නීති සංග්‍රහයේ 10:19 පදය යොදා…
ඉතා ප්‍රසිද්ධ පියානෝ වාදකයන් වන වෑන් ක්ලිබර්න් සහ ව්ලැඩ්මීර් හොරොවිට්ස් ඇතුලු ලෝකයේ ඉතා ප්‍රසිද්ධ පියානෝ වාදකයින් පවා නිව් යෝර්ක්හී ස්ටේන්වේ සහ පුත්‍ර සමාගමේ ප්‍රධාන පියානෝ කාර්මික ෆ්‍රෑන්ස් මෝර් මත යැපුනේ තමන්ගේ පියානෝවන් සංදර්ශන සඳහා සුදානම් කර ගැනීම සඳහාය. ඔහු විශිෂ්ඨ පියානෝ සූසර කරන්නෙක් විය. මෝර්ව සොයා ගියේ පියානෝ ගැන ඔහුගේ සූක්‍ෂම දැනුම නිසාත් වසර ගණනාවක් මුළුල්ලේ දියුණු කරගත් ශ්‍රේෂ්ඨ නිපුණතාවය…
වාර්ෂික ජාතික පාපන්දු තෝරා ගැනීමේදී පාපන්දු කණ්ඩායම් අලුත් ක්‍රීඩකයන් තෝරා ගනිති. පුහුණුකරුවෝ පැය දහස් ගණනක් යොදා නිපුණ, භෞතික ශක්තිය ඇති ක්‍රීඩකයන් ඇගයීමට ලක් කරති. 262 වන ක්‍රීඩකයා ලෙස තෝරා ගන්නා බ්‍රොක් පර්ඩි අවසන් ක්‍රීඩකයා වූ අතර “අදාළ නැති මහතා” ලෙසට ඔහුට නම් කරන ලදී. ඒ නාමය අවසන් ක්‍රීඩකයාට දෙන විකට නාමයකි. ඊළඟ වාරයේ තරඟයක් ඔහුට ලැබේ යයි කිසිවෙක් සිතුවේ නැත.…